මිනිස් ශරීරයේ ශ්‍රේෂ්ඨතම වස්තුවක් වන දෙනෙත හිස් කබලෙහි ඉදිරිපසින් පිහිටි විවරයක් තුල ආරක්ෂා සහිතව පිහිටා ඇත.මෙය ආලෝකය හදුනගත හැකි සංකීර්ණ ක්‍රියාවලියකින් යුතු ශරීරයේ පවතින විශ්මිත ඉන්ද්‍රියකි.තමා සතුව පවතින වටිනාම වස්තුන් ඇසක් මෙන් රැකබලාගතයුතු බව කියමනට කියන්නේද ඇසෙහි ඇති වටිනාකම මිල නොකළ හැකිබව කියාපාමිනි. තම ඇස්දෙක වසා එදිනෙදා වැඩ කිරීමට උත්සාහ ගන්න.එවිට ඔබට වැටහේවි ඇස එදිනෙදා ජීවිතයේදී කෙතරම් ප්‍රයෝජනවත්ද යන වග.අවට පරිසරයේ ඇති දේ වල වර්ණය,හැඩය,ප්‍රමාණය නිර්ණය කිරීමට මෙම විශේෂ ඉන්ද්‍රියට හැකියාවක් ඇත.එලෙසම මිනිස් සිතුවිලි හා සංවේදන සමඟ ඇසේ ඇති සම්බන්ධතාවය,සිතට දුකක් දැනුණු විට පන නගින කඳුළු වලින් මෙන්ම සිත සතුටින් පිනා යන විට පැන නගින සතුටු කඳුළු වලින් පිළිඹිබු වේ.අප අඬන විට ඇහැ පොඩි කරන්නේ ඇයි?එයින් අපගේ මනස සැහැල්ලු වී සිතුවිලි නැවුම් කර ගැනීමට උදවු වෙනවා.එලෙසම එක දිගට කිවිසුම් යන විට ඉර එළිය හෝ දීප්තිමත් එළියක් දෙස බැලීමෙන් එය වලක්වා ගත හැක.තදබල හිසරදයකදී ඇහැ වටා සම්බාහනය කිරීමෙන් , ඇහැ තෙත් කිරීම මගින් සහනයක් ලැබෙනවා.ආදරය,සතුට,දුක යන සියල්ල ඇස මගින් ප්‍රකාශ වෙනවා.එම නිසා පුද්ගල සම්බන්ධතා හා සාහජීවනය ගොඩ නැගීමට ඇස වැදගත් වෙනවා.
- ClientiCare - Eye Care Clinic Center
- Date March 5th, 2016
- CategoriesBranding, Web Design
- SkillsContent Writing, MySQL, Photoshop, PHP, Wordpress
